- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක ම පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව. 7.30 ට පෙර පංතිකාමර හා වෙන්කර දී ඇති ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් පන්තිභාර ගුරුවරයා හා අදාළ ශිෂ්‍ය නායක නායිකාවන් වගකීමනේ ක්‍රියා ඛල යුතු ය.
- උදෑසන ආගමික වතාවත් හා ජාතික ගීතය පාසල් ගීතය වාදනය වන විටත් හවස ඡත්ථමානවක ගාථා වාදනය වන විටත් සිසු දරුවන් ගුරු භවතුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා පාසල තුළ රුදී සිටින සියලු දෙනා ස්වකීය කාර්යභාරයන්ගෙන් වැලකී එම කටයුතුවලට ගෞරවයෙන් හා සක්‍රීයව සහභාගී විය යුතුය.
- සෑම කාලපරිච්ඡේදයක් අවසානයේම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු නිහඩව ඊළග විෂයයට සූදානම් විය යුතුය. විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නෙපැමිණෙන්නේ නම් පන්ති නායක නායිකාව හෝ විෂය නායක නායිකාව විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
- කාණ්ඩ විෂයයන් සදහා වෙනත් ස්ථානයකට යනවිට හා නැවත පන්තියට පැමිණෙන විට පේලියට යා යුතුය.
- දරුවන්ට මතුවන ඕනෑම ගැටළුවක් ප්‍රථමයෙන් පන්තිභාර ගුරුවරයාට දැනුම් දිය යුතුය. අදාල ගුරුවරයා නොමැති අවස්ථාවක පමණක් අංශ භාර හෝ විෂය භාර ගුරුවරයාට දැන්විය යුතුය.
- පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අදාල නොවන ලිපි, ජංගම දුරකථන,සංයුක්ත තැටි වෙනත් උපකරණ රැගෙන ඒම හා ළග තබා ගැනීම සපුරා තහනම් වේ.
- පාසල් අධ්‍යයන කාලය තුල අවසරයකින් තොරව කිසිදු ක්‍රීඩා පුහුණු කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ. ක්‍රීඩා ඇදුම් සහිතව ක්‍රීඩා පිටියේ හැර වෙනත් කිසිදු ස්ථානයක රුදී නොසිටිය යුතුය.
- විවේක කාලය අවසන් වූ වහාම තම පන්ති කාමරයට පැමිණිය යුතුය
- පාසල නියෝජනය කිරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.
- සයිඩ් බෑග්,පොලිතින්,ප්ලස්ටික් ගෙන ඒම සපුරා තහනම්.
- කෑම ගෙන ඒමේදි පෙට්ටියක් භාවිතා කල යුතුය.හැන්ද,ගෑරොප්පු භවිතයෙන් ආහාර ගත යුතුය.
- සහතික නිකුත් කිරිම බ්‍රහස්පතින්දා දින පමනක් සිදු කරේ.
- සියලුම සිසුන් ගුරු මණ්ඩලයට හ ශිෂ්‍ය නයක නායිකාවන්ට අවනතව කටයුතු කල යුතුය.
- දෙමාපියන් හා ආදි සිසුන් පාසලට පැමිණිමේදී සුදුසු අදුමකින් සැරසී පැමිණිය යුතුය.





