පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (6-9)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- නිල් කොට කලිසම හා සුදු අත් කොට කමිසය ඇදිය යුතු අතර විශේෂ අවස්ථා වලදි නිල් කොට කලිසම හා සුදු අත් දිග කමිසය ටයි පටිය පැලදිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
- බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
- කොට කලිසම නභිය දක්වා ඉහලට සිටින සේ අදිය යුතුය.කලිසම පිටුපස සාක්කු 1ක් හ රැලි 1ක් හෝ 2ක් ඉදිරිපස තැබිය හැක.
- කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
- සුදු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.

පිරිමි ළමුන් (10-13)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
- සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
- කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
- කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
- කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
- කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.
- සුදු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.


ගැහැණු ළමුන් (6-13)
- කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
- ඉනෙන් පහලට නොයන සේ ඉනට ගවුම අදිය යුතුය.
- බිම දණ ගැසූ විට වාටිය බිම ගෑවිය යුතුය.
- කොළරය ඉදිරි පස අගල් 3ක් පමණ පහලට විවරයකි.
- වැලමිටේ සිට ඉහලට අගල් 3ක් සිටින සේ අතේ දිග තිබිය යුතුය.
- කොණ්ඩය මැදින් බෙදා තෙල් ගා කරල් 2ට ගොතා අග සුදු රිබන් පටි පැලදිය යුතුය.
- කළු කොන්ඩ කටු 2ක් බැගින් පැලදිය යුතුය.
- කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
- කොන්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
- බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.
- කළු සපත්තු හා සුදු මේස් පැලදිය යුතුය.







