මධ්‍යම පළතේ මහනුවර දිස්ත්‍රික්කයේ, වත්තේගම අධ්‍යාපන කලපයේ කුණ්ඩසල අධ්‍යාපන කොට්ඨාසයේ කෙන්ගල්ල නම් ග්‍රාමයේ පිහිටා ඇති මෙම විදුහල එක් දහස් නවසිය හතලිස් හයේ ඔක්තොම්බර් මස හත් වන දින කෙන්ගල්ල පාසල රජයේ ඉංග්‍රිසි පාසලක් ලෙස ගුරුවරුන් හතර දෙනෙක් සහ සිසුන් දස දෙනෙකුගෙන් යුක්තව අරම්භ වී ඇත.හයේ සිට දහතුන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ.
ඒ.එච්.සිමියෝන් මයා අරම්භක විදුහල්පතිවරයා වේ.ඉන් පසුව එච්.ඒ. පෙරෙර මහතා පී.ආර්.මන්තිලක මහතා ,යූ.බී.අබෙකොන් මහත,යූ,ඩබ්.ජි.බන්ඩර මහතා,පී.වී.පලම්කුබුර මහතා,පී.සී.කොඩිප්පිලි මහතා,ව්යි.එම්.අබෙරත්න මහත,එන්.ඩබ්.වික්‍රමතිලක මහතා,එම්.කේ.එම්.කේ.රණතුංග මහතා,පී.වීරවර්ධන මහතා,සී.ඩී.නානායක්කාර මහතා,එම්.සී.ඉද්දවල මහතා,ඩබ්.උපලි ජයසෙකර මහතා,එන්.කේ.වික්‍රමරත්න මහතා,මේජර් එම්.ආර්.පී.මයාදුන්නේ මහතා,ටී.ඩී.කේ.බණ්ඩාර මිය,ජේ.එම්.ටී.බණ්ඩාර මහතා යන විදුහල්පතිවරු වසර 75 ක් පමණ මෙම විඩුහලට මහගු සේවයක් කර ඇත.වත්මන් විඩුහල්පති ලෙස කටයුතු කරන්නෙ එල්.කපුකොටුව මහතඉ. වත්මන් ගුරු සංඛ්‍යාව හැත්තෑ පහක් පමණ වන අතර, සිසුන් සංඛ්‍යාව එක්දහස් එකසිය හැත්තෑ පහක් පමණ වේ.

ඒ සමගම ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් ඇති විය. වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.
විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය , පුස්තකාලය සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
|
ආරම්භ කළ වර්ෂය |
1946 ඔක්තෝම්බර් 7 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
4 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඒ.එච්.සිමියෝන් මයා |
|
නවෝද්‍ය ව්‍යපෘතියට අතුලත් වූ වසර |
1998 |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |





